විජයදාසගේ පුතාගේ මගුලට රනිල් නෑ-හෝටලයේ බිල මිලියන 150ත් පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

විජයදාසගේ පුතාගේ මගුලට රනිල් නෑ-හෝටලයේ බිල මිලියන 150ත් පනී

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු මෙන්ම අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට අග්‍රාමාත්‍ය,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කල අරාධනය මග හරිමින් සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක යෙදිම ගැන එජාපයේ ප්‍රභලයන් අතර ගැටලුකාරී තත්ත්වයක් මතු වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් අනාවරණය කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික චාරිකාවක් සඳහා පසුගිය (5) පෙරවරු 7.30ට පමණ යූඑල් 302 දරණ ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඊට හේතුව වි ඇත්තේද මෙම විවාහ උත්සවය බවයි එජාපයේ රනිල් පිළේ ප්‍රභලයෙකු සදහන් කළේ.ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තර අර්බුදය ඉදිරි කාලසිමාවේදි ප්‍රභලව මතුවි දැකිමට හැකි වනු ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙම අවස්ථාවට සහභාගි වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවාහයේ සාක්ෂියට අත්සන් කර දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලයන් සමග සතුටු සාමිචියේ යෙදි සිටි ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පැමිණිමට විනාධි 10ක් තියා කලබලයෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රසිද්ධියේ අනාවරණය කල අතර පසුව ඔහුට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුරයක් ලබාදි අමාත්‍යවරයෙකු ලෙසද පත් කිරිමට අගමැතිවරයා කටයුතු කළා.

Cinnamon Grand හෝටලයේ පැවති මෙම විවාහ උත්සවය වසරේ වැඩිම වියදමක් දැරු විවාහ උත්සවය ලෙස ඉතිහාසගත වන අතර Cinnamon Grand හෝටලයේ බිල පමණක් රුපියල් මිලියන 150ක් ඉක්මවා ඇති බව මේ වනවිට තහවුරු වි තිබේ.

RakithaS_
RRS

උපුටා ගැනීම : Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad