දඹුල්ල රෝහලේ මකුණන් මර්දනය කිරීමට රසායනික ද්‍රව්‍ය ඉසීමේ කටයුතු ඊයේ (09) ආරම්භ විය.
පුද්ගලික සමාගමක් විසින් මෙම මකුණන් මර්ධන කාර්යය ආරම්භ කොට ඇති අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක මහත්මිය ද එම කටයුතු නිරීක්ෂණය කළ අතර ඇය පැවසුවේ අදාළ රසායනිකය මිනිසුන්ට හානිකර නොවන බවයි.
දඹුල්ල රෝහලේ මකුණන් බෝ වී ඇතැයි ද මේ නිසා රෝගීන් පීඩාවට පත්වන බව ද මීට පෙර මාධ්‍ය මගින් අනාවරණ කෙරුණි. මෙම මකුණු මර්දන වැඩසටහන ආරම්භ වූයේ ද ඒ අනුව වන අතර මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 4ක් පමණ බව ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළාය.
මකුණු මර්දන ව්‍යාපාරය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරිය රෝහලෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කියාසිටියේ මව්වරුන් දරුවන් ප්‍රසුත කරන වාට්ටුවේ ඉඩකඩ අවමවීම හා ඇදන් නොමැතිවීම නිසා එක ඇදේ දරුවන් දෙතුන්දෙනා සිටිමින් නිදාගැනීමට නොහැකිව දුක් විදින බවත් ඊට ආණ්ඩුව වගකිවයුතු බවත් ය.
මෙලෙස අලුත උපන් දරුවන් හා මව්වරුන්ට සිදුවන අපහසුතා පිළිබඳව රජයක ඇස් ඇරවන්න මාධ්‍ය උදව් කල බව පැවසූ ආණ්ඩුකාරවරිය සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වෙත දන්වා ඊට අදාළ කඩිනම් විසඳුම් ලබාදෙන බව ද සඳහන් කළාය.
ඡායාරූප පහතින්....

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
No comments:
Post a Comment