ඡන්දය ඉක්මන් කරන්නැයි මැකොට ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

ඡන්දය ඉක්මන් කරන්නැයි මැකොට ලිපියක්

ඡන්දය ඉක්මන් කරන්නැයි මැකොට ලිපියක්පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ සීමා නිර්ණයට අදාළ ගැටළු රහිත පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම කඩිනම් කරන ලෙස ය.

එසේම සීමානිර්ණය අවසන් වී ඇති පළාත් පාලන ආයතන ගැසට් කිරීමට ඇති හැකියාව මෙන්ම අදාළ පළාත් පාලන ආයතන සඳහාවන සභික ධුර සංඛ්‍යාව ගැසට් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද එම ලිපිය මගින් කරුණු විමසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad