ආණ්ඩුව අමාරුවෙන් බේරෙයි - ලැබුණේ වැඩි ඡන්ද දෙකයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

ආණ්ඩුව අමාරුවෙන් බේරෙයි - ලැබුණේ වැඩි ඡන්ද දෙකයි!

2016 මුදල් වර්ෂය සඳහා රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණා. ඒ, වැඩි ඡන්ද දෙකකින්. මෙම ඇස්තමේන්තුව සම්මත කර ගැනීමට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියා.
 

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 33ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 31ක්. ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට වඩා වැඩි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් සභාව තුල රැඳී සිටියා.

ඒ අනුව අදාළ ඇස්තමේන්තුව පරාජය වීමේ අවධානමකට ලක්වූ අතර ඡන්ද විමසීම අතරතුර සභා ගර්භයෙන් පිටත සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පැමිණ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ බවයි
පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad