ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙල නායකත්වයන් අතර දැනට සිටින චොදනාවන් රහිතම පුද්ගලයා බිමල් බවත් තරුණ ජවය පක්ෂය සමග එකතු කරමින් දිර්ඝ කාලින වැඩපිළිවෙළක් යටතේ පක්ෂය යලි සංවර්ධනය කරමින් ජනතාව අතරට රැගෙන යාමට අවශ්‍ය නායකත්වය ලබාදියයුතු බව එම යෝජනාව හරහා ජවිපෙ දේශපාලන මණ්ඩලයට දන්වා තිබේ.
පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුකිරිමට පක්ෂය අපොහොසත් වන්නේ නම් එය ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ක්‍රියාවලියේ අවසානය සනිටුහන් කරන මැතිවරණයක් වනු ඇති බවයි අදාල යෝජනාව හරහා පක්ෂ දේශපාලන මණ්ඩලයට පෙන්වාදි ඇත්තේ.
මිට අමතරව එක්සත් ජාතික පක්ෂයද ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර මඩ ප්‍රහාරයන් එල්ල කරමින් සිටින අතර අනුර කුමාර දිසානායකට ඒවාට පිළිතුරු දිමට නොහැකි වාතාවරණයක් පසුගිය කාලසිමාවේ කරණ ලද ඇතැම් ගණුදෙනු හරස් වි ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ මීළඟ නායකයා ටිල්වින්ද, ලාල්කාන්තද මැයින් ජාතික පුවත්පතක ඉකුත් මැයි 8වැනිදා ප්‍රධාන ශිර්ෂය වශයෙන් පලවිය. අනුර කුමාර දිසානායකට එරෙහි කණ්ඩායම ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කර ඇති අතර අනුරගේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව එම පිරිසේ මතය වී ඇති බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
එමෙන්ම වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස – අයර්ලන්ත ගමනේ ‘රස රහස’ මොකක්ද? මැයින් ඇතුළු පිටුවක විශේෂාංග ලිපියක් පළවිය. ඉරිදා සිංහල පුවත්පත් 1984 සිට සෙනසුරාදා නිකුත්වන හෙයින් මේ පුවත සෙනසුරාදා වන විට සමාජජාලා වෙබ් අඩවි හරහාද විකාශය විය. අතිරහත් තිත්ත වෙනවා කියනවාක් මෙන් එම පුවත්පත ජවිපෙ කෝපයට ලක්විය.

No comments:
Post a Comment