මානව හිමිකම් නීතීඥ උදුල් ප්‍රේමරත්න, නීතිඥ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් විසින් වද හිංසාව, සාපරාධී අත්අඩංගුවට ගැනීම පිළිබද මොහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
සරත් දිසානායක නැමැත්තා හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී, මහජන බැංකුවේ හිටපු සභාපති ගාමිණී සෙනරත් මහතාගේ ලේකම්වරයෙකි.
ඔහු ගාමිණී සේනරත් මහතාගේ දේපල සම්බන්ධයෙන් තොරතුරු දන්නා ප්‍රධාන පුද්ගලයා බවද පැවසෙන අතර ඒ මහතා පසුගිය කාලයේදී අල්ලස් හෝ දුෂණ කොමිසමට ගොස් මේ සම්බන්ධයෙන් සාක්ෂී ලබා දුන් බවට තොරතුරු වාර්තා වේ.
දුෂණ විරෝධි පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ, දුෂණ විරෝධි පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් සහ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ ද එම අවස්ථාවට එක්ව සිටියේය.
No comments:
Post a Comment