බාල වයස්කාරියකගේ පහසට ලොල් වූ ආමි එකේ දෙන්නෙක් දැරියගේ මව සමගම ඇතුළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

බාල වයස්කාරියකගේ පහසට ලොල් වූ ආමි එකේ දෙන්නෙක් දැරියගේ මව සමගම ඇතුළට

15 හැවිරිදි වියේ පසුවන බාලවයස්කාර බිරිය බෙදා ගැනීමට අනුරාධපුර පොලිසියට පැමිණි යුද හමුදා සෙබලෙකු සහ එයට අනුබල දුන් දැරියගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරියගේ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා අපයෝජනය කිරීමේ චෝදනාව මත සේවය අතහැර පැමිණ සිටින විවාහක 30 හැවිරිදි මෙම යුද හමුදා සෙබළා හා දැනට තන්තිරිමලය බෝගහයාය යුද හමුදා කඳවුරේ සේවය කරන අවිවාහක 26 හැවිරිදි යුද හමුදා සෙබළකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද මේ සඳහා ආධාර අනුබල දුන් බවට සැකපිට දැරියගේ මවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේවය අතහැර පැමිණි මේ සෙබලා අවුරුදු 15 මාස දෙකක් වයසැති මෙම දැරිය සමග ආදර සබඳතාවක් පවත්වා අඹුසැමියන් ලෙස ජීවත්වී ඇත්තේ ඇයගේ වයස සම්පූර්ණ වූ පසු විවාහ කරගන්නා අරමුණින්.

මොවුන්ට ජීවත්වීමට රැකියාවක් නොමැති නිසා සේවයෙන් පලාවිත් සිටින සෙබලා බාලවයස්කාර දැරියව අනුරාධපුර නගරයේ ඇඳුම් අලෙවි කරන වෙළඳසැලක සේවයට යවා තිබෙනවා. එයට ඇඳුම් ගැනීමට මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි තන්තිරිමලය යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබළා පැමිණ ඇති අතර එහිදී බාලවයස්කාරිය හා එම හමුදා සෙබළා අතර ආදර සබඳතාවක් ඇතිවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සෙබළා සමඟත් දැරිය අනියම් ඇසුරක් පවත්වා දෙදෙනා කොළඹ ප්‍රදේශයට ගොස් ජීවත්වීමට සූදානම් වන බව සේවයෙන් පලා ආ සෙබළාට ආරංචි වීම නිසා එම ගැටලුව විසඳාගැනීමට අනුරාධපුරයට පැමිණෙන්නැයි දැරියගේ මවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව පසුගියදා ඇගේ මව පැමිණ මෙම ගැටලුව විසඳීමට උත්සහ කළත් හමුදා සෙබලුන් දෙදෙනාම දියණිය රැගෙන යාමට උත්සහ කිරීම නිසා ඔවුන් පොලිසියට ගොස් තිබෙනවා.

එහිදී බාලවයස්කාර දැරියක් බව පොලිසිය තේරුම්ගැනීමෙන් පසුව මෙම සිව්දෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් හතර දෙනා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අපයෝජනයට ලක්වූ බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad