ඔය මිනිහා මට නිතරම කරදර කරනවා - 72 හැවිරිදි බිරිඳ පොලිසියේදී හඬා වැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

ඔය මිනිහා මට නිතරම කරදර කරනවා - 72 හැවිරිදි බිරිඳ පොලිසියේදී හඬා වැටෙයි

ආදරයට වයස බාධාවක් නෑ කියලා හිතෙන විදිහෙ කතාවක් අහන්න ලැබෙන්නේ කැබිතිගොල්ලෑව පැත්තෙන්. පසුගිය දවසක කැබිතිගොල්ලෑව පොලිසියට පැමිණි වයස අවුරුදු 70 ක පමණ කාන්තාවක් සිය සැමියාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල සටහන් කර ගත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා පසුව මෙම කාන්තාවගේ පැමිණිල්ලේ විත්තිකරු වන 72 හැවිරිදි සැමියාද තමන් ඉදිරියට කැඳවුවා. පසුව 70 හැවිරිදි කාන්තාව විසින් පවසා තිබුණේ සිය සැමියා ඇයට කරදර කරන බවයි.

එහිදි සැමියා පවසා තිබුණේ ‘‘සර් මම මේකිට කිසිම කරදරයක් කෙරුවේ නෑ. ඔය බොරු කියන්නේ. මම මේකි බැන්දේ වයස අවුරුදු 15දී. අපිට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. මම මේකිට ගොඩාක් ආදරෙයි සර්.“

මේ අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා ‘‘අම්මා බලන්නකෝ මේ තාත්තා ඔයාට කොච්චර ආදරෙයිද. ඒ නිසා අම්මා මේ තාත්තා එක්ක සමඟියෙන් දැන් ගෙදර යන්න.“ කියලා පැවසූ විට බිරිඳ ඔහු සමග ගෙදර යාම ප්‍රතික්ෂේප කර තිබුණේ ‘‘සර් මම නම් යන්නේ නැහැ ඔය මිනිහත් එක්ක.“ කියලයි.

එසේම ඇය පොලිස් පරීක්ෂකවරයාට පවසා තිබුණේ ‘‘ අනේ සර් මට කරදර කරන්න එපා. මට බැහැ බැහැමයි යන්න. ඔය මිනිහා මට නිතරම කරදර කරනවා. එහෙම කරදර කරන අවස්ථාවල මම මහ රෑ ගෙදරින් යනවා දරුවන්ගේ ගෙවල්වලට. ඒ නිසා මට කරදර කරන්න එපා මේ මිනිහා එක්ක යන්න කියලා. මට බැහැ සර්‘‘ යනුවෙන්.

කෙසේ වෙතත් පසුව මේ ආරවුල සමතයකට පත් කළ පොලිසිය මෙම වියපත් ආදරවන්තයින් දෙදෙනාව පිටත් කර හැර තිබුණේ ඔවුන්ට පොඩි කෑම බීම සංග්‍රහයක්ද ලබා දෙමින්.

No comments:

Post a Comment

Post Bottom Ad