වත්මන් තරුණ තරුණියන් ලිංගික අධ්‍යාපනය ගැන ඇති නොදැනුවත්කම හේතුවෙන් අමාරුවේ වැටෙන අවස්ථා බොහෝ සෙයින් වැඩි වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරනවා.
තමාට දිනකට ජංගම දුරකතන ඔස්සේ ලැබෙන කෙටි පණිවුඩවලින් වැඩි සංඛ්‍යාවක් එසේ අමාරුවේ වැටුණ තරුණියන්ගෙන් බවත් ඔවුන් එම පණිවුඩ මඟින් ඉන් ගැලවීමට උපදෙස් පතන බවත් ඔහු පවසනවා.
ආදරය හා එහි සීමාව නොදැන විවාහයෙන් පසුව සිදුවිය යුතු දේවල් කරා යොමු වන තරුණ තරුණියෝ දරු පිළිසිඳ ගැනීමක් සිදුවන ආකාරය ගැන පවා නොදැන අමාරුවේ වැටෙන අවස්ථා බොහෝ වැඩි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
එසේම ඇතැම් ගැහුණු ළමුන් මාසිකව තම ශරීරයේ සිදුවන ක්‍රියාවලිය ගැන පවා නොදැන කෙටි පණිවුඩ මඟින් ඒවා ගැනත් විමසන බවත් ඔහු කියා සිටිනවා. ඇතැම් අවස්ථාවලදි එසේ පණිවුඩ එවන තරුණියන් අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන තරුණියන් සිටින බවයි ඔහු පවසන්නේ.
1883 දී සම්මත කළ ගබ්සා නීතිය තවමත් මේ රටේ ක්‍රියාත්මක වන නිසා අමාරුවේ වැටෙන යුවතියන්ගේ මානසික පීඩනය සලකා බලා ගබ්සාවකට ඉඩක් ලැබෙන පරිදි එම නීතිය කාලෝචිතව සංශෝධනය කළ යුතු බවයි ඔහුගේ අදහස. ලිංගික අධ්‍යාපනය කට වචනයට සීමා නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
Friday, May 13, 2016
වරද්දගන්න කෙල්ලන්ට චාන්ස් එකක් ලැබෙයිද..?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment