නාවික හමුදා අනතුරෙන් 22කට තුවාලයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

නාවික හමුදා අනතුරෙන් 22කට තුවාලයි (PHOTOS)

නාවික හමුදා අනතුරෙන් 22කට තුවාලයි (PHOTOS)
වව්නියාව සෙට්ටිකුලම් මණික්ෆාම් පරයනාලන් කුලම් මල්වතුඔය පාලම අසල දී නාවික හමුදාව රැගත් බස් රථයක් ඊයේ (06) රාත්‍රියේ පෙරලීම හේතුවෙන් නාවික හමුදා සෙබලුන් 22ක් දෙනෙකු තුවාල ලබා තිබේ.

මන්නාරම ශිලාවතුර දමන නාවික හමුදා කඳවුරේ සිට පුහුණුව ලැබූ නාවික හමුදා සෙබලුන් 55 දෙනෙකු රැගත් බස් රථය ඊයේ රාත්‍රී 08.15ට පමණ පරයනාලන් කුලම් මල්වතු ඔය පාලම අසල දී අඩි 15ක් පමණ පහළට පෙරලී යාමෙන් එම අනතුර සිදු ව ඇත.

එම අනතුර සිදුවන අවස්ථාවේ දී වර්ෂාවක් ද පැවති අති අතර බස් රථයේ රියැදුරුට මාර්ගය අපහැදිලිතාවයෙන් පෙනීම මත එක් වරම වේගය පාලනය කර ගැනීමට නොහැකි ව එම අනතුර සිදු ව ඇති බවට පරික්ෂණ සිදු කළ සෙට්ටිකුලම් පොලීසිය සැක පල කරයි.

කෙසේ වුව ද අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 20 දෙනෙකු වව්නියාව මහ රෝහලට ගෙනැවිත් ඇති අතර ඉන් එක් රෝගියෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.

ඉතිරි තුවාල කරුවන්ගෙන් 19 දෙනෙකු මේ වනවිට වව්නියාව මහ රෝහලේ සහ දෙදෙනෙකු සෙට්ටිකුලම් රෝහලේ ප්‍රතතිකාර ලබන බව පරයනාලන් කුලම් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad