ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 120 ක් සමග ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලීසියට බාර දී තිබේ.
අද (05) අළුයම කල්පිටියට උතුරින් පිහිටි බත්තලන්ගුණ්ඩුවේ සිට නාවුක සැතපුම් 30 ක් පමණ දුර දී නාවුක හමුදාවේ කල්පිටිය කඳවුරේ මුර යාත්‍රා විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. කේරල ගංජා තොගය මෙරටට ගෙන එමින් තිබූ බව කියන ඉන්දීයාවට අයත් යාත්‍රාවක් ද නාවුක හමුදා බාරයට ගෙන ඇත.
තම බාරයට ගත් කේරල ගංජා තොගය ද ධීවර යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 05 දෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලීසියට බාර දුන් බව කල්පිටිය නාවුක හමුදා කඳවුරේ නිලධාරියෙක් සඳහන් කරයි. ඒ පිළිබඳ කල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ සිදු කරයි.
පුත්තලම - ජුඩ් සමන්ත

No comments:
Post a Comment