ලොරිය දුම්රියේ ගැටී මාරන්තික අනතුරක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

ලොරිය දුම්රියේ ගැටී මාරන්තික අනතුරක් (PHOTOS)

හබරාදුව හැඩිවත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද (09) උදෑසන මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබු සිඝ්‍රගාමි දුම්රියේ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් හැපීමෙන් එක් අයකු මියගොස් දෙදෙනෙකුට බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බව හබරාදුව පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ගිණිගල ප්‍රදේශයේ පදිංචි එළවළු වෙළෙන්දකු වන එච්.කේ.හේමචන්ද්‍ර නැමති 72 හැවිරිදි අයෙකි. ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මිය ගිය තැනැත්තාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැත්විමට නියමිතය.

ඡායාරූප පහතින්....

ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad