බැසිල් රාජපක්ෂ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිපයේ ක්‍රියාකාරින්ට මුදල් බෙදන බවට දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල්ද සිල්වා මහතා විසින් මාධ්‍යයට කර ඇති ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රි චම්ලි විතානාච්චි මහතා සඳහන් කරයි.
ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන මන්ත්‍රීවරයා, "මහ ඇමතිවරයා මේ අයුරින් ප්‍රකාශ කිරිම ගැන අපි කණගාටු වෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා ගාල්ලට ආවේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පිළිබඳ පක්ෂයේ ක්‍රියාකාරින් දැනුවත් කිරීමට. එතුමා අපේ නිවසට පැමිණි අවස්ථාවේ මට කිව්වා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරු හා උප සභාපතිවරු, මන්ත්‍රීවරු හමුවෙමු කියලා. ඒ අනුව තමයි මෙම රැස්විම් මාලාව සංවිධානය වුනේ. අවසානයේ ඒ රැස්විම් විශාල රැළි බවට පත්වුනා. ශ්‍රිලනි පාක්ෂිකයින් විශාල වශයෙන් පැමිණියා.
අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවසේ පැවති රැස්විමටත් විශාල පිරිසක් ආවා. පාක්ෂිකයින් කියන්නේ අපේ අතේ මුදල් වියදම් කරගෙන කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට යනවා කියලා. ශ්‍රිලනිප පාක්ෂිකයින් තුළ ලොකු උද්යෝගයක් ඇති වෙලා තියෙනවා.
ඇත්තටම නොයෙකුත් ගැටළුවලට මුහුණ දෙමින් අපි මේ සංවිධාන කටයුතු කරන්නේ. මහ ඇමතිතුමා මෙවැනි ප්‍රකාශයක් කිරිම ගැන අප කණගාටු වෙනවා මෙන්ම එම ප්‍රකාශය හෙළා දකිනවා. දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරු 33 දෙනාගෙන් 27 දෙනෙකුම යන්නේ කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට" යනුවෙන් සඳහන් කළේ ය.
ගාල්ල - ලලිත් චාමින්ද
Thursday, April 28, 2016
බැසිල් සල්ලි බෙදුවේ නෑ - ගාල්ලට පැමිණි හේතුව මන්ත්‍රි චම්ලි කියයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment