පොලිස්පති ඉලංගකෝන් අද විශ්‍රාම යයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

පොලිස්පති ඉලංගකෝන් අද විශ්‍රාම යයි!

මෙරට 33 වන පොලිස්පතිවරයා වන එන්.කේ ඉලංගකෝන් මහතා අද(11) දිනයේ සිට විශ්‍රාම යාමට නියමිතව තිබේ. 

දීර්ඝ කාලයක් පොලිස්පති ධූරයේ කටයුතු කළ ඒ මහතා පොලිස් දෙපාර්තමේන්තුව ඉහළ තත්ත්වයකට ගෙන ඒම සඳහා ඉතා කැපවීමකින් කටයුතු කළ පොලිස්පතිවරයෙකු වෙයි.

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විශ්‍රාම යාමත් සමග පුරප්පාඩු වන පොලිස්පති තනතුර සඳහා මේ වනවිට නම් 03ක් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වී ඇති අතර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව ලබන 18 වැනිදා රැස්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad