දුම්රිය මග ඇහිරූ කන්ටේනරයට දඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

දුම්රිය මග ඇහිරූ කන්ටේනරයට දඩ

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට තිබූ බාධා මේ වන විට ඉවත් වී ඇති බැවින් සියලු දුම්රිය දැන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඊයේ (08) පෑලියගොඩ කළු පාලමේ කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුර නිසා ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිනුණු අතර ඊයේ දවස පුරා එහි දුම්රිය ධාවනය කෙරුණේ ප‍්‍රමාදයන් සහිතවය. 

මේ අතර අදාළ අනතුරෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය අනතුර සිදුකළ කන්ටේනර් රථය අයත් පාර්ශ්වයෙන් අයකර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඔවුන් වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ කළු පාලමට සහ දුම්රිය මාර්ගයට සිදුවූ අලාභයට අමතරව ඊයේ දුම්රිය ධාවනයට ඇති වූ බාධා නිසා සිදුවූ අලාභය ද දළ වශයෙන් ඇස්තමේන්තු කිරීමට නියමිත  බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad