රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉන්දියාවට දෙන්න සියල්ල සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉන්දියාවට දෙන්න සියල්ල සූදානම්..

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අද වන විට 75‍% කට වැඩි ප‍්‍රමාණයකින් ඖෂධ නිෂ්පාදනය අඩුකර සංස්ථාව ඉන්දියාවට ගෙන යාමට සැලසුම් කර ඇති බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරයි.

සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ සංස්ථාව මුලින් ඖෂධ වර්ග 58ක් නිෂ්පාදනය කළද දැනට නිෂ්පාදනය කරන්නේ ඖෂධ 15ක ප‍්‍රමාණයක් බවයි.

වත්මන් ආණ්ඩුවට සංස්ථාව දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද පවසන ඔහු සංස්ථාව පාඩු ලබන බව කියමින් සංස්ථාව ඉන්දියාවට ගෙන යාමට සැලසුම් කර ඇති බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad