ලංකාවට අඩුම මිලකට ඉන්ටර්නෙට් දෙන්න පහසුම ක්‍රමයක් සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

ලංකාවට අඩුම මිලකට ඉන්ටර්නෙට් දෙන්න පහසුම ක්‍රමයක් සොයා ගැනේ

ශ්‍රී ලාංකිකයන් වෙත අන්තර්ජාල පහසුකම් කිසිම බාධාවකින් තොරව අවම මිල ගණන් යටතේ ලබාදීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකාවේ සිලිකන් වැලි හා රාමා සහයෝගීතාව (Rama Corporation) යන සමාගම් එකඟතාවය පළ කර තිබෙනවා.

එම සමාගම් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෙකු වන චමත් පල්ලියපිටිය මහතා මේ වෙනුවෙන් ඉදිරිපත් වී සිටියි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රටේ අන්තර්ජාල පහසුකම් වර්ධනය කරමින් එය රටේ සංවර්ධනයට දායක කර ගැනීම අපේක්ෂාව බවයි.

මෙම නව ව්‍යාපෘතිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, අමෙරිකාවේ සිලිකන් වැලි හා රාමා සහයෝගීතාව (Rama Corporation) එක්ව ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාව තුළදී ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සහ ඩයලොග් සමාගම සහාය ලබාදෙනවා.

වසරක කාලයක් මෙම නව ව්‍යාපෘතිය අත්හදා බැලෙන අතර එහි සාර්ථකත්වය මත පසුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව මෙම සම්බන්ධතාවයන් අවම මුදලකට ලබාදීම හරහා රටේ සංවර්ධනය කෙසේ සිදු කරනවා ද යන්න ව්‍යාපෘතිය හරහා සොයා බැලෙනු ඇති.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ලක්ෂ 68 ක ජනතාවකට කිසිඳු අයුරකින් අන්තර්ජාල පහසුකම් හෝ වෙනත් කිසිඳු සබඳතාවක් නොමැති බවද හෙළි වී තිබෙන අතර මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට ගූගල් බැලූන ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.මෙම පහසුකම් හරහා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම සියයට 10 කින් වර්ධනය කිරීම හරහා දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.2 කින් වර්ධනය කර ගැනීමට හැකිවන බවද සදහන්. 


ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක්, කළමනාකාර අධ්‍යක්ෂ මුහුන්දන් කනගේ, ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය ඇතුළු මහත්ම මහත්මීන්  මේ අවස්ථාවට එක්ව සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad