බන්ධනාගාරය තුළ කැරැල්ලක් ඇති කර ඒ අතරතුර පලා යෑම මෙම සැළසුම වී ඇති බවයි පැවසෙන්නේ. එහිදී බන්ධනාගාරයෙන් පිටතට පැන ගන්නා මොහොමඩ් සිද්ධික්ව රැගෙන යෑම සඳහා නවීන මෝටර් රථයක් සමඟ සන්නද්ධ යතුරු පැදි දෙකක් ද ඔහුගේ ගෝලබාලයන් දැනටම සූදානම් කර ඇතැයි බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා.
සන්නද්ධ යතුරු පැදි දෙක සූදානම් කර ඇත්තේ පලා යන සිද්ධික්ගේ ආරක්ෂාව සඳහායි. මේ සඳහා සිද්ධික්ට මහර බන්ධනාගාරයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ සහාය ලැබෙමින් තිබෙන බව ද වාර්තා වී තිබෙනවා. එසේ සහාය ලබා දීම වෙනුවෙන් එකී බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට සිද්ධික් විසින් විශාල මුදලක් පරිත්‍යාග කර ඇතැයි ද බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙනවා.
මේ අන්දමින් මොහොමඩ් සිද්ධික් පැන ගියහොත් ඔහු කොටුකර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ දැනුවත් කිරීමට ද බුද්ධි අංශ පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. මෙසේ පැන යෑමේදී සිද්ධික්ට විදේශගත වීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් පවා දැනටමත් සකස් කර අවසන් බව ද උසස් බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කර සිටියා.
මොහොමඩ් සිද්ධික් මේ අන්දමින් වරක් මත්කුඩු චෝනාවකට ඉන්දියාවේ සිරගතව සිටියදී රෝහල්ගත වන මුවාවෙන් ඉන්දියාවේ චෙන්නායි සිර ගෙදරින් ද පැන ගොස් තිබෙනවා.
(උපුටා ගැනීම දිවයින /සමන් ගමගේ)
No comments:
Post a Comment