බේරේ වැවේ හදිසි දුගඳට පිළියම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

බේරේ වැවේ හදිසි දුගඳට පිළියම්

පිටකොටුව පාවෙන වෙළෙඳ සැල් සහිත බේරේ වැවේ කොටසකට අනවසරයෙන් වැසිකිළි නළ සම්බන්ධ කිරීම නිසා අවට ප්‍රදේශයේ පැතිරී යන දුර්ගන්ධයට තාවකාලික සහ ස්ථිර විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සදහන් කලේ ප්‍රථමයෙන්ම අලුහුණු යොදා ගනිමින් දුර්ගන්ධය පාලනය කළ බවයි. මේ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමට නිලධාරීන් සමඟ සාකච්ඡා කරගෙන යන බවත් ඒ අතරතුර සාමාන්‍ය පරිදි දෛනික පිරිසුදු කිරීම් සිදුවන බවත් අමාත්‍යංශය සදහන් කරයි.

මේ සම්බන්ධව වැඩිදුර අදහස් දැක්වූ ලේකම්වරයා කියාසිටියේ පිටකොටුව ප්‍රදේශය අවට ඇති හෝටල් සහ නිවෙස්වල ඇති වැසිකිළි නළ නීතිවිරෝධී අන්දමින් බේරේවැවට  සම්බන්ධ කර ඇති පිරිස් පිළිබඳව සොයා බලන්නැයි අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට දැන්වූ බවත්, ඉන්පසුව අදාළ පුද්ගලයන්ට විරුද්ධව  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad