දඩයක්කරුවෙකුට බිලි වී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් සොයා ගැනීමට හැකි වූ බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරමුදුගස්වැව වැව් තාවුල්ලේ තිබී පසුගිය දා මිය ගොස් ඇති එම වන අලියාගේ සිරුර වන ජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
වයස අවුරුදු 30 - 35 ක් පමණවන මෙම අලියාගේ උඩ අඩි 07 යි අඟල් 09 කි. මෙම වන අලියාගේ කණට ආසන්නයෙන් වෙඩි උණ්ඩ 07 ක සළකුණු ඇති බව පරීක්ෂණ කටයුතු සිදු කරන වන ජීවී නිලධාරීන් සඳහන් කරයි.
කිසියම් දඩයක්කරුවෙකුගේ ගොදුරක් බවට පත් වී ඇති මෙම වන අලියාගේ මරණයට වගකිව යුත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ සිදු කරයි.
ජුඩ් සමන්ත

No comments:
Post a Comment