වසර 05කට පසු කැන්ගරුවන් ශී‍්‍ර ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

වසර 05කට පසු කැන්ගරුවන් ශී‍්‍ර ලංකාවට

තරග සංචාරයකට සහභාගීවීම සඳහා ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායම එළැඹෙන ජූලි මස අවසානයේ ශී‍්‍ර ලංකාවට පැමි‍ණීමට නියමිත බව වාර්තා වේ.

ඒ ටෙස්ට් තරග 03 කට, එක්දින තරග 05 කට සහ පන්දුවාර විස්ස තරග දෙකකට සහභාගිවීම සඳහා ය. ඊට අදාළ තරග කාලසටහන මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබේ. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය එළැඹෙන ජූලි 26 වැනි දා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී ආරම්භවීමට නියමිතයි.

දෙවන ටෙස්ට් තරගය අගෝස්තු මස 04 වැනි දා ගාල්ල කී‍්‍රඩාංගණයේ දී ආරම්භවන අතර 03 වන ටෙස්ට් තරගය අගෝස්තු මස 13 වැනි දා ආරම්භවන්නේ කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේ දී ය. තරග 05 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී ලබන අගෝස්තු මස 21 සහ 24 දිනවල පැවැත්වීමට නියමිතයි. 


03 වන සහ 04 වන එක්දින තරග රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දී අගෝස්තු 28 සහ 31 දිනවල පැවැත් වේ. 05 වැනි සහ අවසන් එක්දින තරගය සැප්තැම්බර් 04 වැනිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරග දෙකකින් සමන්විත ඔස්ටේ‍්‍රලියා - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් මස 06 වැනි දා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත් වේ. 

දෙවන පන්දුවාර විස්ස තරගය සැප්තැම්බර් මස 09 වැනි දා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයකට එක්වන්නේ වසර 05කට පසුවවීම විශේෂත්වයකි. 

ඔවුන් අවසන් වරට 2011 වසරේ දී මෙරට තරග සංචාරයකට එක් වූ තරග එහි දී තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 03 ට දෙකක් ලෙසත්, තරග 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1 ට බින්දුවක් ලෙසත් ජය ගනු ලැබී ය. දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය 2 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ගනු ලැබී ය.

No comments:

Post a Comment

Post Bottom Ad