වැල්ලම්පිටියේ වෙඩිතැබීමෙන් ප්‍රින්ස් කොලම්ගේ බෑනාත් මියයයි (VIDEO)   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

වැල්ලම්පිටියේ වෙඩිතැබීමෙන් ප්‍රින්ස් කොලම්ගේ බෑනාත් මියයයි (VIDEO)  

වැල්ලම්පිටියේ වෙඩි වැදී මියගිය තිදෙනා අතර 2007දී  ඇති වු ගැටුමකින් මියගිය ප්‍රින්ස් කොලම් නොහොත් ප්‍රින්ස්ගේ බැනා කෙනෙකු සිටින බව පොලිසිය පවසයි. 

බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි ප්‍රින්ස් කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් මිනිමැරුම් කිහිපයකට සම්බන්ධ වී සිටි බවත්  පිරිසක් අතර ඇතිවු ගැටුමකින් ඔහු ඝාතනය කර තිබූ බවත් පොලිසිය පැවසී ය.

1992 සිට 2007 දක්වා ඔහු අණ සක පතුරුවාගෙන සිටියේය.
ඊයේ රාත්‍රී 11.55ට පමණ වෙඩි තැබීමකින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වැල්ලම්පිටිය ගෙවල් 20 ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් ‍කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසීය පැවසී ය. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක්, 24ක් සහ 49ක් වන අය බව පොලිසීය සඳහන් කරයි.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad