රක්ෂිතයෙන් කොටි බෝම්බ මතුවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

රක්ෂිතයෙන් කොටි බෝම්බ මතුවෙයි (PHOTOS)

මන්නාරම මඩු කීරි සුඩ්ඩාන් රක්ෂිතයට ආසන්නයෙන් බිම් බෝම්බ තොගයක් සොයා ගැනීමට ගුවන් හමුදාව සහ පොලීසිය සමත් වී තිබේ.

වන්නි වේලාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (09) සොයාගැනුණු මෙම බිම් බෝම්බ තොගය මන්නාරම් මහෙස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ අධිකරණ නියෝගයක් මත ගොඩගැනීමට කටයුතු කර තිබේ.

කොටි සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද රන්ගන් නැමති පුද්ගල නාශක බිම් බොම්බ 27 ක් සහ මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 0ක් සොයාගෙන ඇත.

යුද සමයේදී අදාල ස්ථානය කොටි කඳවුරක් පැවති අතර කොටි සංවිධානය විසින් අදාල බෝම්බ තොගය වල දමන්නට ඇති බවට පරික්ෂණ කටයුතු සිදු කරන මඩු පොලීසිය සැකපළ කරන බව සඳහන් වේ.

රොමේෂ් මධුෂංඛ - වන්නි

No comments:

Post a Comment

Post Bottom Ad