යහපාලන ආණ්ඩුවෙන් හම්බන්තොටට මෙගා ව්‍යාපෘතියක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

යහපාලන ආණ්ඩුවෙන් හම්බන්තොටට මෙගා ව්‍යාපෘතියක් 

අක්කර 2000 ක ප්‍රදේශයක මෙරට ඉදිවන විශාලම කර්මාන්තපුරය හම්බන්තොට ඉදි කරන බවත් එම ව්‍යාපෘතිය මගින් ලක්ෂයකට වැඩි රැකියා ප්‍රමාණයක් නිර්මාණය වන බවත් ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ජනහමුවකට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“අපි මේ වැඩ සටහන් සියල්ල ක්‍රියාත්මක කරන්නෙ මේ ජාතික ආණ්ඩුවෙ අමාත්‍ය ධූර අරගෙන ඔබ වෙනුවෙන් කටයුතු කරන්න ඔන නිසා. මටත් තිබුණ විරුද්ධ පක්ෂෙට වෙලා ඉන්න. විරුද්ධ පක්ෂෙට වෙලා පිකටින් කරන්න පුළුවන්. විරෝධතා පවත්වන්න පුළුවන්. අපිට පොල් ගහන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් අපේ පක්ෂෙට අපිට ඡන්දෙ දීපු ජනතාවට වෙන දෙයක් නෑ. 

අපිට ඡන්දෙ දීපු අයට උදව් කරන්නයි අපි අවශ්‍ය වෙන්නෙ. විරුද්ධ පක්ෂෙට වෙලා ඒව කර කර හිටිය නම් මේ ඉඩම් ටික බෙදෙන කොට අපේ හිතවතෙකුට කාටවත් මේ ඉඩම් හම්බවෙන්නෙ නෑ. පසුගිය දවස් වල ඉඩම් බෙදන්න ගත්තෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන් කරලා. අපි හිතුව ඒක වහාම නවත්වන්න. ඒක දේශපාලන භේදයකින් තොරව ක්‍රියාත්මක කරගන්න අපිට හැකියාවක් ලැබුණ අපි මේ ආණ්ඩුවෙ අමාත්‍ය ධූර දරන නිසා.“

“හම්බන්තොට දිස්ත්‍රික්කයට මිලියන 8000ට වැඩිය එනවා. මෙයින් 4000 කට වැඩි ප්‍රමාණයක් යෝජනා දෙන්න අපට පුළුවන්කම ලැබෙනවා අපේ අයගෙ සාධාරණ යෝජනාවලින්. නැත්නම් මේ ඒක පාර්ශවිකයි ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය ප්‍රධාන ව්‍යාපෘති 04 ම නැවතුණා. වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ගය. මම කැබිනට් මණ්ඩලයේ ඉඳපු නිසා ඒ හතරම දැන් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණා විතරක් නෙවෙයි මත්තල වී ගබඩාවක් වෙන්න ගිය එක නැවත ගුවන්තොටුපළක් බවට පත්කරගන්නත් පුළුවන්කම ලැබුණා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

“සමහර කට්ටිය කියනවා රටේ සංවර්ධනය දැන් සම්පූර්ණයෙන්ම නතර වෙලා කියලා. මම කියනවා සංවර්ධනය ආරම්භ වෙනවා කියලා.  ව්‍යාපෘති දැන් ආයෙ එන්න පටන්ගන්නවා.මේ වසරේ මැද භාගය වන විට සංවර්ධන ව්‍යාපෘති රාශියක් ආරම්භ වෙනවා විතරක් නෙවෙයි 2017 වන විට මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලංකාවෙ ඉදිවන විශාලම කර්මාන්ත පුරය හම්බන්තොට අක්කර 2000 ක කර්මාන්ත පුරයක් තමුන්නාන්සෙලා වෙනුවෙන් ඉදිවෙනවා. 

ඒකෙ ලක්ෂයකට වැඩි රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි රත්නපුරය, මොනරාගල දිස්ත්‍රික්කවල අයටත් ඒවට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ ඔක්කොම අපිට කරගන්න ලැබුණේ මේ ආණ්ඩුවෙ අමාත්‍ය ධුරවල කටයුතු කරපු නිසා ජාතික ආන්ඩුවෙ ඉඳපු නිසා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

රාහුල් සමන්ත - හම්බන්තොට

No comments:

Post a Comment

Post Bottom Ad