FB එකේ විකුණන “කායික ශක්තිය“ වඩන බෙහෙත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

FB එකේ විකුණන “කායික ශක්තිය“ වඩන බෙහෙත

මේ වන විට ලොව පුරා ස්ත්‍රී පුරුෂ බාල මහළු කා අතරත් ජනප්‍රියත්වයට පත් වී ඇති ‘ෆේස්බුක් ගිණුම’ නැතහොත් ‘මුහුණු පොත’ යොදා ගනිමින් නීති විරෝධී ලෙස හෝමෝන වර්ධනය තුළින් කායික ශක්තිය වැඩි කර ගැනීමට යොදා ගන්නා බෙහෙත් පෙති වර්ග වෙළඳාම් කිරීම සිදු කෙරෙන බව බී බී සී ය විසින් කරනු ලැබූ සමීක්ෂණයකින් සොයා ගනු ලැබ තිබේ.
 

මාංශ පේශී වර්ධනය සඳහා යොදා ගැනෙන ‘ඇනබොලික්’ හෝමෝන වර්ධක බොහෝ විට කාය වර්ධන හා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ ක්‍රීඩාවන් හි යෙදී සිටින ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට යොදා ගත්තද ඒවා හෘදය හා අක්මාව ආශ්‍රිත රෝග ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය හැකි බවයි වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ.
 

සෝ බ්‍රේසන් නමැති බෙදාහරින්නා විසින් සමාජ වෙබ් අඩවි තුළ විවෘතව ම නීති විරෝධී ප්රෝස්ටේසියා (Prostasia) නමැති හෝමෝන වර්ධකය විකිණීමෙහි යෙදුණු අතර බී බී සී යේ ජෝ ටේලර් (Jo Taylor) තමන්ගේ ‘ෆේස්බුක් ප්‍රොෆයිලයේ’ නම ජේ ග්‍රීන් (Jay Green) නමින් වෙනස් කර එම බෙදා හරින්නා සම්බන්ධකර ගනිමින් කළ විමර්ශනයෙන් එය හෙළිව තිබෙනවා.

එස් එල් සෙනෙහෙධීර
බී බී සී

No comments:

Post a Comment

Post Bottom Ad