දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව

12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළලේ වේගවත්ම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව ශ‍්‍රී ලංකාවෙන් අද (09) බිහිවුණා. වේගවත්ම ක‍්‍රීඩකයා බවට පත්වුණේ ශ‍්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන්. ඒ, මීටර් 100 ධාවන ඉසව්ව ජය ගනිමින්. 

ඔහු එම ඉසව්වේ මූලික තරගයකදී තත්පර 10 යි දශම 2 යි 6 කින් තරගය නිම කරමින් නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවීම විශේෂත්වයක්.
 

මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජයගත් ශ‍්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක දකුණු ආසියානු ක‍්‍රීඩා උළලේ වේගවත්ම ක‍්‍රීඩිකාව බවට පත්වුණා. මේ අතර ශ‍්‍රී ලංකාවට අදත් සාග් පදක්කම් රැසක් හිමිවුණා.

No comments:

Post a Comment

Post Bottom Ad