මවට වරද පටවා ගෙල වැලලාගත් පාසල් සිසුවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

මවට වරද පටවා ගෙල වැලලාගත් පාසල් සිසුවා

බගවන්තලාව,කොටියගල වත්තේ මැද කොටසේ පදිංචි අවුරුදු දාහතරක පාසල් සිසුවෙක් අද (09) තම නිවසේ දී ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.
 

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව සෙන්මේරිස් දෙමළ මහා විද්‍යාලයේ නවවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ජේසුදාසන් මිල්රෝයි නැමැති පාසල් සිසුවෙක්. ඊයේ (08) එම වතුයායේම අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී මෙම පාසල් සිසුවා අද (09) නිවසට පැමිණ තිබෙනවා.
 

අනතුරුව මව තේ වතුයායේ වැඩට යෑමෙන් පසු හා තම නැගණිය පාසල් යෑමෙන් පසු සිය නිවසේම නිදන කාමරයේ බාල්කයක් මත එල්ලී මෙම පාසල් සිසුවා සියදිවි හානිකර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මියයෑමට පෙර මෙම පාසල් සිසුවා මරණයට හේතුව තම මව බව පවසමින් ලිපියක් ද ලියා ඇති බව ද වාර්තාවනවා.

මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

එම සිසුවා අවසන්වරට ලියූ ලිපිය පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad