ශ්‍රී ලංකාව යළිත් අංක 1 අත්කරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

ශ්‍රී ලංකාව යළිත් අංක 1 අත්කරගනී

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පූනේහි මහාරාශ්ට‍්‍ර ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී අද (09) රාත‍්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 5 ක් ජයක් ලැබීය.
 

මෙම ජයග‍්‍රහණයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවත වරක් විස්සයි:20 කි‍්‍රකට් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය හිමිකරගත්තේය. නවසීලන්තයේදී ලද පරාජය හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම (ප‍්‍රසාද ලකුණු 118) ශ්‍රේණිගත කිරීමේ අංක 3 ස්ථානය දක්වා පහළ වැටී සිටි අතර  ඕස්ටේ‍්‍රලියාවේදී විස්සයි:20 තරග දෙකම ජයගැනීම නිසා ඉන්දීය කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 120 ක් සහිතව පළමු ස්ථානයේ සිටියේය.

අද තරගයේදී ලබාගත් ජයත් සමගින් ප‍්‍රසාද ලකුණු 3 ක් හිමිකරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවත වතාවක් අංක 1 ස්ථානය අත්කරගත්තේ ඉන්දීය පිල (117) අංක 3 දක්වා පහළට ඇද දමමිනි. කෙසේ වෙතත් තරගාවලියේ ඉදිරි තරග දෙකේ ප‍්‍රතිඵල අනුව මෙම ස්ථාන වෙනස් වීමට නියමිතය. ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් තුවාල ලබා සිටියදී මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල තරගයෙන් ජයගැනීම සඳහා තිබූ ලකුණු 102 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 18 කදී කඩුලූ 5 ක් දැවී සම්පූර්ණ කළේය.


පළමුව පන්දුවට පහර දුන් ප‍්‍රබල ඉන්දීය පිල  ඕවර 18.5 කදී ලකුණු 101 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. තරගයට පොරතුව තණතීරුව පිරික්සූ ඉන්දීය විශේෂඥයා, සුනිල් ගවස්කාර් මහතා, පැවසූවේ පන්දුව පිත්තට හොඳින් ගලාඑන තණතීරුවක් බවත් මෙහිදී හතරේ සහ හයේ පහර විශාල සංඛ්‍යාවක් දැකගන්නට හැකිවන බවත්ය. 

එහෙත් සාර්ථක පන්දු යැවීමක යෙදුණු ශී‍්‍ර ලංකා වේග පන්දු යවන්නෝ තිදෙනා ඉන්දීය පිතිකරුවන්ගේ හතරේ පහර සංඛ්‍යාව 7 කටත් හයේ පහර සංඛ්‍යාව 3 කටත් සීමා කළහ. ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගෙන්ද හතරෙ සහ හයේ පහර එතරම් විශාල සංඛ්‍යාවක් වාර්තා නොවුණ නමුත් නියමිත  ඕවර 20 ට වඩා පන්දු 12 ක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලාංකිකයෝ ජය කණුව පසුකළහ.



ඉන්දීය කණ්ඩායම
 
රෝහිත් ශර්මා - ඇ. චමීර ප. රාජිත    0
ශීකර් ධවාන් - ඇ. ගුණතිලක ප. රාජිත    9
අජින්‍යා රහනේ - ඇ. චන්දිමාල් ප. රාජිත    4
සුරේෂ් රයිනා - ප. ශානක    20
යුවරාජ් සිං - ඇ. සහ ප. චමීර    10
මහේන්ද්‍ර සිං දෝනි - ඇ. දික්වැල්ල ප. ශානක    2
හර්දික් පන්ඩයා - ක. මූ. කළා ප. ශානක    2
රවීන්ද්‍ර ජඬේජා - ක. මූ. කළා ප. සේනානායක    6
රවිචන්ද්‍රන් අෂ්වින් - නොදැවී    31
අෂීෂ් නෙහෙරා - ඇ. සිරිවර්ධන ප. චමීර      6
ජස්ප‍්‍රිට් බුම්රාහ් - දුවද්දී දැවී ගියා     0
අතිරේක    11
එකතුව  ඕවර 18.5 කදී සියලූ දෙනා දැවී     101    


කඩුලූ වැටීම:
1-0(ශර්මා), 2-5(රහනේ), 3-32(ධවාන්), 4-49(රයිනා), 5-51(දෝනි), 6-53(යුවරාජ්), 7-58(පන්ඩයා), 8-72(ජඬේජා), 9-100(නෙහෙරා), 10-102(බුම්රාහ්)    


පන්දු යැවීම:
කසුන් රාජිත: 4-0-29-3, තිසර පෙරේරා: 3-1-10-0,  සචිත‍්‍ර සේනානායක: 3-0-18-1, දුෂ්මන්ත චමීර: 3.5-0-14-2, දසුන් ශානක: 3-0-16-3, සීකුගේ ප‍්‍රසන්න: 2-0-11-0    


ශ‍්‍රී ලංකා කණ්ඩායම   

නිරෝෂන් දික්වැල්ල - ඇ. ධවාන් ප. නෙහෙරා    4
ධනුෂ්ක ගුණතිලක - ඇ. ධවාන් ප. නෙහෙරා     9
දිනේෂ් චන්දිමාල් - ක. මූ. කළා ප. රයිනා      35
චාමර කපුගෙදර - ක. මූ. කළා ප. අෂ්වින්    25
මිලින්ද සිරිවර්ධන - නොදැවී     21
දසුන් ශානක - ඇ. රයිනා ප. අෂ්වින්    3
සීකුගේ ප‍්‍රසන්න - නොදැවී     3
අතිරේක    5
එකතුව  ඕවර 18 කදී කඩුලූ 5 ක් දැවී     105   


පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
තිසර පෙරේරා, සචිත‍්‍ර සේනානායක, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර    


කඩුලූ වැටීම:
1-4(දික්වැල්ල), 2-23(ගුණතිලක), 3-62(කපුගෙදර), 4-84(චන්දිමාල්), 5-91(ශානක)    


පන්දු යැවීම:
අෂීෂ් නෙහෙරා: 3-0-21-2, ජස්ප‍්‍රිට් බුම්රාහ්: 4-1-19-0, රවීන්ද්‍ර ජඬේජා: 3-0-18-0, හර්දික් පන්ඩයා: 3-0-18-0, රවිචන්ද්‍රන් අෂ්වින්: 3-0-13-2, සුරේෂ් රයිනා: 2-0-13-1    


තරගයේ වීරයා: කසුන් රාජිත  
 

No comments:

Post a Comment

Post Bottom Ad