යෝෂිත බලන්න රජයේ ප්‍රබල මැති ඇමතිවරු බන්ධනාගාරයට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

යෝෂිත බලන්න රජයේ ප්‍රබල මැති ඇමතිවරු බන්ධනාගාරයට (VIDEO)

රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන තම පුත් යෝෂිත ඇතුළු පිරිසගේ සුවදුක්‌ බැලීම සඳහා රජයේ ප්‍රබල මැති ඇමතිවරුන් බන්ධනාගාරය වෙත පැමිණෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

යෝෂිත සමඟ සිටින පිරිස අතරින් දොස්‌තර රවිනාත් ප්‍රනාන්දු බෝගම්බර බන්ධනාගාරයට මාරුකර යවා ඇත්තේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විභාගයට පෙනී සිටින නිසා බවත් රාජපක්‌ෂ මහතා සඳහන් කළේ ය.

මේ අතර සී.එස්.එන් නාලිකාවේ සිදු වී ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග, අශාන් රවිනාත් සහ කවිෂාන් දිසානායකගේ සුවදුක් බැලීමට කලා ශිල්පීන් පිරිසක් ඊයේ (09) වැලිකඩ බන්ධනාගාරයට ගියහ. නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණ, පාලිත පෙරේරා, සඳුන් විජේසිරි, සම්පත් තෙන්නකෝන්, අජිත් ලොකුගේ ඇතුළු පිරිස් එහි වූහ.

එම වීඩියෝව පහතින් නරඹන්න...


 

No comments:

Post a Comment

Post Bottom Ad