එස්.ටී.එෆ් ආරක්ෂාව මැද ඇඹිලිපිටිය සන්සුන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

එස්.ටී.එෆ් ආරක්ෂාව මැද ඇඹිලිපිටිය සන්සුන්

ඇඹිලිපිටියේ තරුණයෙකු මියයාමේ සිදුවීමක් නිසා පැවැති උද්ඝෝෂණයෙන් පසු ප්‍රදේශයට කැඳැවූ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව තවදුරටත් ලබාදෙන බව පොලිසිය සදහන් කරයි.

ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති සාදයක දී පොලිසිය හා මිනිසුන් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට තමන් පොලිස්පතිට දන්වන බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් දන්වාසිටීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.

මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු ලබන ඉරිදා  (10) සිදු කිරීමට නියමිත අතර මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු තවමත් එහි රැදී සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad