කොස්ගම සිට හෝමාගමට මහරගමට රේල් බස් සේවාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

කොස්ගම සිට හෝමාගමට මහරගමට රේල් බස් සේවාවක්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය සදහා රේල් බස්රථ දෙකක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව හෝමාගම - කොස්ගම, මහරගම - කොස්ගම, හෝමාගම - මහරගම අතර දිනකට ගමන්වාර 05 ක් මෙම රේල් බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

හෝමාගම රෝහල සහ මහරගම පිළිකා රෝහල වෙත පැමිණෙන මගීන්ගේ සහ පාසල් ළමුන් ඇතුළු මගීන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීම මෙහි අරමුණ වන බව එම දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේය. මෙම සේවාව ලබන 18 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad