"සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ලඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරමී මගෙ පියාණනී .........."
එදා එලෙස තම ගායනයෙන් ජන හදවත් වැළඳ ගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත බරපතළ ලෙස රෝගාතුරව මේ වන විටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුගේ තත්ත්වය පිළිබඳව සොහොයුරිය වන ශිරෝනි ප්‍රනාන්දු nethfm වෙත සඳහන් කළේ මවගේ මරණයෙන් පසුව ප්‍රින්ස් ඇතුළු පවුලේ ආර්ථිකය බිඳ වැටුණු බවයි.
" අපේ අම්මා ප්‍රින්ස් එක්ක ඩුබායි ගිය වෙලාවක අසනීප වුණා.ඩුබායි රෝහලකට ඇතුළත් කරලා ප්‍රතිකාර කළත් ඇය අපෙන් සමුගත්තා.අවසානයේ සිරුර ලංකාවට ගෙනාවේ දින කිහිපයක්ම පහුවෙලා.ඒ සඳහා වියදම් කිරීමත් සමග ආර්ථිකය එතරම් යහපත් වුණේ නැහැ"
මේ අතර 'සඳ කුමාරියක් ' ගීත එකතුව තුළින් ගී ලොවට ආ ප්‍රින්ස් උදය ප්‍රියන්තට ලැබුණු සංගීත ප්‍රසංගද අඩුවී තිබෙනවා. "පරණ අයට තිබ්බ අවස්ථාව අඩු වීමත් සමග ප්‍රින්ස්ටත් ප්‍රසංග අඩුවුණා.ඒ වගේම එයාට අවුරුදු පහක විතර ඉඳලා දියවැඩියාව දරුණු විදිහට තිබ්බා.මේ සියල්ල මැද ප්‍රින්ස්ගේ ආදායම අඩු වුණා."
ප්‍රින්ස් තවමත් අවිවාහකයෙක්. ඔහුව බලා ගන්නේ මේ සොහොයුරියයි. රෝහලේ බිල දරා ගන්න අමාරු නිසා මධු මාධව අරවින්ද සහ බෙල්වුඩ් මිතුරන් ප්‍රසංග පවත්වා ආධාර කිරීමට කැමැත්තෙන් සිටින බවයි ශිරෝනි ප්‍රනාන්දු සඳහන් කළේ.
Courtesy: Nethfm
Friday, January 8, 2016
ප්‍රින්ස්ගේ ජීවිතයේ 'නොකියවුණු' දුක්බර කතාව
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment