ඉතිහාසයට එරෙහිව විශ්වවිද්‍යාල කුමන්ත්‍රණයක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

ඉතිහාසයට එරෙහිව විශ්වවිද්‍යාල කුමන්ත්‍රණයක්‌

ඉතිහාස විෂය විකෘති කර සිංහලත්වය ඉතිහාසයෙන් අතුගා දැමීමේ කුමන්ත්‍රණයක්‌ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මකවන බව ආචාර්ය නාත් අමරකෝන් මහතා ත්‍රෙනිකායික මහනායක හිමිවරුන් වෙත ලිපියක්‌ යවමින් දන්වා තිබේ.

ඇතැම් විශ්වවිද්‍යාල තුළ බෞද්ධ විරෝධී ආකල්ප හුවාදක්‌වමින් ශ්‍රී ලංකා ඉතිහාසය කෙරෙහි සිසුන් තුළ තිබෙන ගෞරවය හා භක්‌තිය සිඳන මතවාද ඇතුළු කිරීමටත් සිසුන්ගේ අවසන් වසර නිබන්ධන සඳහා මාතෘකා තෝරා ගැනීමේ දී කාලයට ගැළපෙන මාතෘකා තෝරාගත යුතු යැයි කියමින් ඉතිහාස විෂය ඔවුන්ගෙන් ඈත් කිරීමට උත්සාහ දරන බවටත් තොරතුරු ලැබී ඇති බව එම ලිපියෙන් දන්වා ඇත.

තරුණ ඉතිහාසඥයන් සඳහාවන ආධුනිකයන් පුහුණු කිරීමේ වැඩමුළුව හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඉකුත් දෙසැම්බර් 07 - 09 දිනවල කොළඹ පදනම් ආයතනයේ දී පැවැත් වූ බව ද ඊට කොළඹ, පේරාදෙණිය, යාපනය, රුහුණ, කැලණිය, රජරට නැගෙනහිර, අග්නිදිග යන විශ්වවිද්‍යාලවල ඉතිහාස අංශයේ කනිෂ්ඨ කථිකාචාර්යවරු සහභාගි වූ බව ද එම සමුළුවේ ඇතැම් ප්‍රධානීන්ගේ හැසිරීම් තුළින් සහ ක්‍රියාකාරකම් තුළින් මෙම තත්ත්වය මනාව පැහැදිලි වූ බව ද අමරකෝන් මහතාගේ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ වනවිටත් එක්‌තරා විශ්වවිද්‍යාලයක ක්‍රියාත්මකවන ඉතිහාස විරෝධී වැඩපිළිවෙළ අනෙක්‌ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කරවා ගැනීමට මෙම සමුළුවේ දී ඇතැම් ආචාර්යවරයකු උත්සහ කළ බවට ද නාත් අමරකෝන් මහතා චෝදනා කර ඇත.

සිංහල විරෝධී රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබාගෙන ඉතිහාසය විකෘති කොට සිංහලත්වය ඉතිහාසයෙන් අතුගා දැමීමට දරන මෙම උත්සාහය පරාජය කොට වසර දෙදහස්‌ ගණනක්‌ මුළුල්ලේ අභිමානවත් ජාතියක්‌ ලෙස ඉතිහාසය තහවුරු කර ඇති සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගන්නා ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad