කතරගම වෙළෙඳුන් මාධ්‍යයට පොල් ගහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

කතරගම වෙළෙඳුන් මාධ්‍යයට පොල් ගහයි

පසු ගිය දා කතරගම වෙළෙඳුන් ආප්පයක් රුපියල් 50.00 ට හා ප්ලේන්ටියක් රුපියල් 40.00 කට විකුණූ බවට මාධ්‍ය තුළින් කළ ප‍්‍රචාරය හේතුවෙන් කතරගමට අපහාසයක් වූ බව පවසා කතරගම නගරයේ ආප්ප කඩ හිමියන් හා නගරවාසින් පිරිසක් විසින් කතරගම දේවාලයට පැමිණ පොල් ගසා මාධ්‍ය වෙත ශාප කර ඇත.

100 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් මෙම පොල් ගැසීම සඳහා අංක 02 පාළම අසලින් පොල් රැගෙන විරෝධතා පවත්වමින් කතරගම දේවාලය වෙත පැමිණ තිබේ. නගරයේ වෙළෙඳුන්ට අපහාසවන අයුරින් මාධ්‍යවලින් විවිධ ප‍්‍රචාරයක් ලබාදීම තුළින් කතරගම අභිමානය වැනසුණු බවත් මෙම ප‍්‍රචාරය රැගෙන ගිය අයට ශාප වේවා යැයි පවසමින් මෙම පිරිස පොල් ගැසීම සිදු කර ඇත් බවත් වාර්තා වේ.

මෙම පුවත හේතුවෙන් කතරගම වෙළෙඳුන්ට පසුගිය දා දැඩි පීඩනයක් ඇති වූ බවත් ඇතැම් පිරිස් කතරගමින් ආහාර පාන ද මිළ දී ගැනීම ප‍්‍රතික්ක්ෂේප කළ බවත් නගරවාසීන් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad