ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ ගැබිණි බිරිදට අධිකරණ නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ ගැබිණි බිරිදට අධිකරණ නියෝගයක්

පොලිසිය සමග ඇති වූ ගැටුමකදී මියගිය බව කියන ඇඹිලිපිටියේ තරුණයාගේ දේහය ඊයේ (08) පස්වරුවේ දී ඥාතීන්ට භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ ක‍‍ළේ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා විසින් නිකුත් කළ විශේෂ නියෝගයක් ද තරුණයාගේ බිරිඳ වෙත ඊයේ ලබාදුන් බවයි.
ඇඹිලිපිටියේ ඇති වූ සිද්ධියෙන් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන යන අයගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පක්ෂාත් මරණ පරීක්ෂණය ඊයේ (07) රත්නපුර අධිකරණ වෛද්‍ය නිළධාරී විසින් පැවැත්වීමෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාර දී තිබෙන බවත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ සවස අධිකරණ නියෝගයක් දුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මෙම අධීකරණ නියෝගය නිකුත් කර ඇත්තේ මියගිය තැනැත්තාගේ බිරිඳ වෙතය. එයට අනුව දේහය ඇඹිලිපිටිය පොලිස් ස්ථානය අසලට ගෙන යෑමෙන් වළකින ලෙසට අධිකරණ නියෝගයේ දක්වා තිබේ.
අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අවමංගල්‍ය උත්සවය හේතුවෙන් ඇඹිලිපිටිය නගරයේ සහ ඒ අවට මාර්ග වල ගමනාගමනය අවහිර කිරීමෙන් එදිනෙදා මනුෂ්‍ය ජීවිතයට හානියක් නොවීමටත් ඒ වගේම කැරැල්ලක් හෝ කළහයක් ඇතිවන අයුරින් කටයුතු සිදු වීම වළක්වා ගැනීමටත් මෙලෙස අධිකරණ නියෝගයෙන් නියම කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad