හිරුණිකා අත්අඩංගුවට ගැනීමට සූදානම්! නීතිපති උපදෙස් ලැබෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට සූදානම්! නීතිපති උපදෙස් ලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩරයකින් දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙනයාම හා පහරදීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබී ඇතැයි වාර්තාවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසූවේ එම උපදෙස් අනුව පොලීසිය කටයුතු කරන බවයි. 
පසුගිය දිනෙක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තිබුණු අතර පවුල් ප්‍රශ්නයක් ඊට මුල්වී තිබුණු බව කියැවිණි.

එ‍සේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ එම සැකකටයුතු පුද්ගලයින් තමා විසින් පොලීසියට බාරදීමට කටයුතු කළ බව හා මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad