ක්‍රිස් ගේල් කාන්තාවකට ජනනේන්ද්‍රිය පෙන්නලා? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

ක්‍රිස් ගේල් කාන්තාවකට ජනනේන්ද්‍රිය පෙන්නලා?

ඔස්ටේ‍්‍රලියාවේ බිග්බෑෂ් තරගාවලිය අතරතුර නිවේදිකාවකට නොගැලපෙන වචනයෙන් කතා කළ බවට චෝදනාවට ලක්ව සිටින කි‍්‍රස් ගේල් හට තවත් එවැනිම චෝදනාවක් එල්ලවී තිබෙනවා.

එ් ඉකුත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සමයේ සිදු වූ සිද්ධියක් පිළිබඳ නිර්නාමිකව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන්. ඇය ලබාදුන් මෙම තොරතුරු ෆෙයාර් ෆැක්ස් මාධ්‍ය ආයතනය විසින් ප‍්‍රසිද්ධ කර තිබුණා. 

එම කාන්තාව ප‍්‍රකාශ කර තිබුණේ හිස් කාමරයක් යැයි සිතා තමන් කී‍්‍රඩක විවේකාගාරයට ඇතුළු වූ අවස්ථාවේ එහි කි‍්‍රස්ගේල් සිටි බවයි. එහිදී ඔහු ඇඳ සිටි තුවාය ගලවා තමාවෙත විසි කොට "ඔයා හොයන්නේ මේකද?" යනුවෙන් ඔහුගේ ජනනේන්ද්‍රිය පෙන්වූ බව ඇය එම මාධ්‍ය වෙත හෙළිකොට තිබේ. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ ඔහු වරදකරු වුවහොත් බිග්බෑෂ් තරගාවලියේ ගේ්ල් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් කි‍්‍රස්ගේල්ගේ කළමනාකාර මණ්ඩලය පවසන්නේ ඔහුට එල්ල වී ඇති මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පුවත පලකළ මාධ්‍ය වෙත නඩු පැවරීමට කටයුතුකොට ඇති බවත් යනුවෙනි. 

මේ අතර ඔස්ටේ‍්‍රලියාවේ බිග්බෑෂ් තරගාවලිය අතරතුර නිවේදිකාවකට නොගැලපෙන වචනයෙන් කතා කළ බවට චෝදනාවට ලක්ව සිටින කි‍්‍රස් ගේල්ගේ හැසිරීම සම්බන්ධයෙන් මහේල ජයවර්ධනද අදහස් දක්වා තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ කි‍්‍රස්ගේල් සිය වෘත්තීයමභාවය පිළිබඳ තවදුරටත් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි. 

නිවේදිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ගේල් කටයුතු කළේ වෘත්තීමයභාවයට නොගැලපෙන බවද මහේල පෙන්වා දෙනවා. තමා කි‍්‍රස්ගේල් පිළිබඳ බොහෝ කලක සිට දන්නා බවත් ඔහු විනෝදකාමී චරිතයක් බවත් මහේල ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍යයන් හි දැක්වෙන්නේ.



No comments:

Post a Comment

Post Bottom Ad