සිය දියණිය දූෂණය කිරීමට පුද්ගලයන් තිදෙනකුට අනුබල දුන් මවක් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්ගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කර තිබේ.
මෙලෙස රිමාන්ඩ්ගත කෙරුණේ මහියංගණ, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙම තැනැත්තිය පස්සර ප්‍රදේශයේ පදිංචිකාරියක්ව සිටිය දී සිය දාහතර හැවිරිදි දියණිය දූෂණය කිරීමට පුද්ගලයන් තිදෙනකුට අනුබල දී ඇති බවත් පසුව සැකකාරිය වෙනත් පුද්ගලයකු සමඟ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවත් හෙළිදරව් වී ඇත.
දූෂණයට ලක්වූ දැරිය ඥාති කාන්තාවක් මාර්ගයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමට වැල්ලවායට විශේෂ පොලිස් කණ්ඩායමක් ගිය නමුත් සැකකාරිය ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
පසුව ඇය ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ සැඟව සිටියදී වැටලීමක් සිදුකොට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත. දැරිය දූෂණයට ලක් කළ පුද්ගලයන් තිදෙනා මේ වන විට බන්ධනාගාරගත කර තිබෙන අතර දැරිය ප්‍රතිකාර සඳහා පස්සර දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
Friday, January 8, 2016
තිදෙනෙකු ලවා දියණිය දූෂණය කරවූ මවක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment