'මං කිව්ව කතාවට ලැජ්ජාවට පත් වෙලා' - මහින්ද (VIDEO)    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

'මං කිව්ව කතාවට ලැජ්ජාවට පත් වෙලා' - මහින්ද (VIDEO)   

මීටර් 150ක් වීරකැටියේ සිට මාර්ගයක් පැච් කිරීමටත් මුල්ගල් ලබා ඇති බවත් තමා ඒ පිළිබඳ ප්‍රකාශ කළ විට ලැජ්ජාවද කොහෙද එම මුල්ගල් ගලවා ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) තංගල්ල ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන්ගේ හමුවකට එක්වෙමිනි.අපේ පැච් කිරීම නොමැති බවත් අපි පාරම හැදූ බවත් හෙතෙම සඳහන් කළේය. 

නාම යෝජනා ලබාදුන් පසු මැතිවරණ සමයේදී රාජ්‍ය සේවකයන් තම හෘද සාක්ෂිකයට එකඟව රාජකාරි කළ යුතු බවත් රාජ්‍ය සේවකයින්ට අපේ කාලේ දුන් සහන හැර අළුතින් සහන ලැබී නැති බවත් එම සහන දෙන්නත් අපේම ආණ්ඩුවක් පත්කර ගැනීමට වැඩි කාලයක් නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad