අද රෑ සිට ලෝකයේම වෙලාව වෙනස් වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

අද රෑ සිට ලෝකයේම වෙලාව වෙනස් වෙයි (VIDEO)

පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුව  අද (30) එම වෙනස්කම් සිදුකරන බව වාර්තා වේ.

පෘථිවි වේලාවට අනුව පරමාණුක ඔරලෝසුවේ වේලාව තත්ත්පරයකින්  වෙනස් කරයි. ඒ අනුව, අද (30) මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි තත්ත්පර 60 ටයි  ජූලි පළවැනිදා උදාවේ. පෘථිවියේ භ‍්‍රමණය ඉතා මද ලෙස මන්දගාමී වන අතර එය නිවැරදි කිරීම මෙලෙස වරින් වර කාලය එකතු කිරීම් සිදුවන අතර අද දිනයේ සිදුවන වෙනස්කම වර්ෂ 2000 සිට සිදුවූ 4 වන වෙනස්කම ලෙස සැලකිය හැකිය.

දිනකට තත්ත්පර 86400ක් තිබුණද අද සිට එයට තවත් තත්ත්පරයක් එකතු වන බව නාසා ආයතනය විසින් පෙන්වා දී ඇති අතර ඒ අනුව හෙට සිට දිනකට ඇති තත්පර ගණන 86401 ක් වේ.  මෙම තත්ත්පරයක වෙනස ඇතැම් පරිගණක පද්ධතිවල ගැටලූ ඇතිකළ හැකි බවත් මේ නිසා අදාළ පරිගණකවල මෙම වෙනස අතින් සිදුකළ යුතු බවත් බ්‍රිතාන්‍යයේ ජාතික භෞතික විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු පෙන්වා දෙයි.

එමෙන්ම, නිශ්චිත වේලාව මත සකස් කර ඇති මූල්‍ය පද්ධති සහ සන්නිවේදන ජාලවලට ද අදාළ වෙනස සිදුකළ යුතු වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad