ඉදිරි මැතිවරණයට මේ ජන පවුරක් එක්ක යන බවත් ඒ නතර වුණ ආර්ථිකය ගොඩ නැගීමට කැපවෙන බවත් ඒ සඳහා තමා පැහැදිලිව ඉදිරියට එන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශය කරමින් පැවසී ය.
මිනිසුන්ගේ හදවත් හැර මම කිසිදෙයක් අරන් නැති බවත් පසුගිය ජනවාරි 9 වැනිදා බහුතර ජනතාවගේ හිස නැමූ බවද ඔහු සිහිපත් කළේය.
1970 සිට ජනපති ධූරය දක්වා පැමිණි ගමන්මග විස්තර කළ ඔහු ඒ හැම අවස්ථාවකදීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කළ බවත් තමා ආඥාදායකයෙක් බවට මොන බොරු චෝදනා කළත් මා ක්‍රියාකළ ආකාරය ගැන එතෙර මෙතෙර බොහෝ දෙනා පුදුම වූ බවත් හෙතෙම පැවසී ය.
‘ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වල නිකුත් වීමෙන් පසු අපේ ආධාරකරුවන්ට හිරිහැර කළා. ගෙවල් ගිනි තිබ්බා. පක්ෂය රැක ගැනීමේ වැඩපිළිවෙළ සකස් කළා. කථානායක නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පක්ෂයේ නායකත්වය බාරදුන්නා.නමුත් මට පක්ෂයේ නායකත්වය හිමිවූයේ බාරදුන්නේ නෑ සම්මේලනයක් කැඳවලා ගන්න වුණා. කිසිදාක රටටත් පක්ෂයටත් ද්‍රෝහි වුණේ නෑ.‘ යැයිද ඔහු පැවසී ය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හැසිරෙන ආකාරය දකින විට තමාට සිහිපත්වනුයේ ඔහු ත්‍රස්තවාදී නායකයන් සමග මුල්ම ගිවිසුම ගැසූ කාලයේ ක්‍රියා කළ ආකාරයට යැයි හිටපු ජනපති කීවේය.මැදමුලනට එකතුවූ අති විශාල ආධාරකරුවෝ පිරිසක් ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලමින් මේ මොහොතේ එහි රැඳී සිටිති.

No comments:
Post a Comment