ගුරුවරිය දණ ගැස්වූ හිටපු මන්ත්‍රීත් නාම යෝජනා පෝලිමේ(වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

ගුරුවරිය දණ ගැස්වූ හිටපු මන්ත්‍රීත් නාම යෝජනා පෝලිමේ(වීඩියෝ)

නවගත්තේගම නවෝද්‍යා පාසලේ සේවය කළ ගුරුවරියක වූ පි‍්‍රයානි සුසිලා හේරත් මහත්මිය දණ ගැස්වීමේ සිදුවීමට ප්‍රසිද්ධ වූ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලා තිබෙනවා.

අද(30)පෙරවරුවේ නාම යෝජනා සඳහා සම්මුඛ  පරීක්ෂණයට පැමිණි ඔහු වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.

ගුරුවරිය දණ ගැස්වීමට අදාළ නඩුවට මන්ත්‍රීවරයා වරදකරු වූ අතර  වසර 7 ක අත්හිටවූ සිරදඬුවමක් මෙන්ම ගුරුවරියට වන්දි මුදලක් ගෙවීමටද, දඩමුදලක් ගෙවීමට ද එහිදී ඔහුට නියම වුණා.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා නාම යෝජනා ලබා ගැනීමට පරීක්ෂණ මණ්ඩලයට පැමිණි අවස්ථාව පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad