පාර්ලිමේන්තු මැතිවරණයේ දී කඳුරට ජනතා පෙරමුණ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී කඳුරට ජනතා පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග එක් වී තරග කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබා දුන් බව එම පක්ෂයේ මහලේකම් ඒ ලෝරන්ස් මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ හැටන් නගරයේ එම පක්ෂ කාර්යාලයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ය.
එක්සත් ජාතික පක්ෂය යටතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් තමන් තරග කරන බවත් එක්සත් ජාතික පක්ෂ යටතේ කම්කරු ජාතික පෙරමුණේ සභාපති අමාත්‍ය පලනි දිගම්බරම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු සමග ඇති කරගෙන තිබෙන සන්ධානය යටතේ එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ එම පක්ෂයේ දේශපාලන අංශ නායක හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසුවේ ය.
ශ‍්‍රී ලංකානිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සාකච්ඡාවකට පැමිණෙන ලෙස තම පක්ෂයට දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:
Post a Comment