වසීම් තාජුදීන් නඩුව : දුරකථන වාර්තා සැපයිය නොහැකි බව ඩයලොග් ආයතනය පවසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

වසීම් තාජුදීන් නඩුව : දුරකථන වාර්තා සැපයිය නොහැකි බව ඩයලොග් ආයතනය පවසයි

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාග වන නඩුවේදී ඔහු මිය යාමට පෙර ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු වාර්තා ඉදිරිපත් කළ නොහැකි බව ඩයලොග් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අද (2) උසාවියට දැන්වීය.

අදාළ දිනයට මාස තුනකට පෙර වාර්තා පමණක් එම ආයතනය රඳවා තබාගන්නා බවත් ඊට පෙර වාර්තා තමන් සතුව නැති බවත් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඩයලොග් සමාගම උසාවියට දැන්වූ අතර නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දැනුම් දුන්නේ කෙසේ හෝ නඩු විභාගයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි.

නඩු විභාගය සැප්තැම්බර් 10 වැනි දිනට කල් තැබිණි.
තාජුදීන් 2012 වසරේ මැයි මස 17 වන දින මරණයට පත්වුණේ සිය මෝටර් රථයත් සමග ගිනිබත්ව ය. එය රිය අනතුරක් බව එවකට පොලිසිය ප්‍රකාශ කළත් මෙම වසරේ පෙබරවාරි මස පොලිසිය යලිත් ප්‍රකාශ කර සිටියේ රස පරීක්ෂක වාර්තාවට අනුව එම මරණයට හේතුව ස්වාභාවික අනතුරක් නොවන බව තහවුරු වී ඇති බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad