මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදෙන බවට එක්සත් ජනතා නිදහස් සංධානය නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමග මහින්ද පාර්ශවයේ ප්‍රදනතම මෙහෙයුම් කරුවෙකු වූ බස්නාහිර පළාත් මහා ඇමති ප්‍රසන්න රණතුංග මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගැනීම සදහා පසුසිය සෙනසුරාදා පක්ෂ මුලස්ථානයේ පවතී සම්මුක පරිෂණ මණ්ඩලයට සහබාගි වුයේය.
රණතුංග මහතාව දුටු සම්මුක පරීක්ෂණ සිටි පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා “මෙයගේන්නම් මොනවා දැනගන්නයි කිවේය ” එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයත් මහතා සදහන් කලේ “පසුගිය දවස් වල කරපු දේවල් වල හැටියට හරිනම් අපි ප්‍රසන්නට අඩගහලයි නාමයෝජනා දෙන්න ඕනේ ‘ කියාය.
ඊට ප්‍රතිචර දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා කිවේ තමන් මෙවර මහමැතිවරණයට මහින්ද රාජපක්ස මහතා ඉදිරි පත්වන පිලෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කල බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට සන්ධානය එකගවූ නිසා තමන් නාමයෝජනා මණ්ඩලයට පැමිණි බව රණතුංග මහතා මෙහිදී සිනා සෙමින් කිවේය.
දේශපලනතත්වය, ඉදිරි මහා මැතිවරණයේදී සන්දානයේ ජයක් ග්‍රහණය පිලිබදව මෙහිදී මහලේකම් වරුන් දෙදෙනා සහමහා ඇමතිවරයා අතර පැය බාගයකට අසන්න කාලයක් අදහස් හුවමාරු කරගන්නා අයුරු දැකගන්නට ලැබුණි.
– ප‍්‍රදීප් අනුර කුමාර
Sunday, July 5, 2015
ප්රසන්න නාම යෝජනා දෙයි..‘ඔයාට අඬගහල දෙන්නයි වටින්නේ’ පරීක්‍ෂණ මඬුල්ල කියති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment