එජාප අපේක්‍ෂකත්වය ඉල්ලා 16000ක්.. කිරිඇල්ල නොදැන කියනවාද.. දැනගෙන අන්දවනවාද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

එජාප අපේක්‍ෂකත්වය ඉල්ලා 16000ක්.. කිරිඇල්ල නොදැන කියනවාද.. දැනගෙන අන්දවනවාද..

ඉදිරි මැතිවරණයට තරඟ වැදීම සඳහා එජාප අපේක්‍ෂකත්වය ඉල්ලා අයදුම්පත් 16000ක් පමණ ලැබී තිබෙන ඇතැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එජාපය වටා මේ වන විට විශාල ජන රැල්ලක් නිර්මාණය වී ඇති බවත් එජාපය මැතිවරණයෙන් නියත ලෙසම ජය ගන්නා බවත්ය.

කෙසේ වෙතත් මැතිවරණ දෙපාර්තමේන්තුව අනුව ලංකාවේ මැතිවරණ කොට්ඨාශ 160කි. ඒ අනුව සාමන්‍යයක් ලෙස එක් ආසනයකින් එජාප මැතිවරණ අපේක්‍ෂකත්වය 100 දෙනෙකුවත් ඉල්ලා ඇත.

තවත් ලෙසකිත් කිවහොත් මිලියන 15කට මදක් වැඩි මෙරට සමස්ථ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් දහසකට මදක් අඩු පිරිසකගෙන් එක් අයෙකුත් ගියවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කල මිලියන 12ක පමණ ඡන්ද දායකයන්ගෙන් 650කින් අයෙකුද එජාප අපේක්‍ෂකයෙකි.

මේ අතර එජාපයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 2000ක් පමණද වෙයි. මෙම අයදුම්කරුවන්ගෙන් අඩක් සම්මුක පරීක්‍ෂණ සඳහා කැඳවා එක් අයෙකුට විනාඩි පහ බැගින් දුන්නද මැතිවරණ නාමයෝජනා දින පසුවන තෙක් සම්මුඛ පරීක්‍ෂණ තබන්නට සිදුවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad