දේශපාලන වාසි බලාපොරත්තුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හැරදා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට නොයන බව අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ පහක් එක්සත් ජාතික පක්ෂයට යන සිරස්තලය යටතේ සතිඅන්ත පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ. "මම කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂයට යාමට අදහස් කර නැහැ.
ඒ සඳහා කිසිවෙකු සමග සාකච්ඡාවක් පවත්වා නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී ගිය පසු එතුමා නැවත දේශපාලනයට ගෙන ඒම සඳහා මුලසිටම එතුමා සමග මා සිටියා. දේශපාලන වාසි බලාපොරත්තුවෙන් ඒ තීරණය තාම වෙනස් කර නැහැ" යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

No comments:
Post a Comment