අස්ගිරි අභිනව මහනායක හිමියන්ට සන්නස්පත්‍ර ප්‍රදානය හෙට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

අස්ගිරි අභිනව මහනායක හිමියන්ට සන්නස්පත්‍ර ප්‍රදානය හෙට

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක ධුරන්දර අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහනායක හිමියන් වෙත සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්වය හෙට (06) පස්වරු 2.30ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී සිදු කෙරේ. 

මෙම අවස්ථාවට සමගාමී ව තවත් අනුනායක හිමිවරුන් දෙනමකට සන්නස්පත්‍ර පිළිගැන්වීමට ද නියමිතය. 

1815 උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ ජාතිය වෙනුවෙන් නැගීසිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ අපවත්වීමෙන් පසු, පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශවයේ අනුනායන ධුරය අවුරුදු 200කට පසු මෙවර සම්පූර්ණ කෙරෙන අතර එම ධුරය මෙහිදි සන්නස්පත්‍ර ලබන අනුනායක හිමිවරු දෙදෙනාගෙන් එක් අනුනායක හිමිපාණන් වහන්සේ නමකට හිමි වනු ඇති බව රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad