දරුවන් ඉන්ටර්නෙට් කැෆේ හෙවත් අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාසල් වයසේ පසුවන කිසියම් දරුවෙකුට අන්තර්ජාල පහසුකම් සපයන පෞද්ගලික ස්ථානයකට ඇතුළු විය යුතු නම් ඒ සඳහා ඔවුන් සිය මව්පියන්, ගුරුවරුන් හෝ වෙනත් වැඩිහිටියෙකු සමග පැමිණිය යුතුයි.
වැඩිහිටියන් නොමැතිව දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබාදෙන ඉන්ටර්නෙට් කැෆේ අයිතිකරුවන් අත්අඩංගුවට ගත යුතු බවද අදාළ නියෝගයේ සඳහන් වනවා. මෙම නියෝගය බලපැවැත්වෙන්නේ යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට අයත් බලප‍්‍රදේශය තුළයි.
දරුවන් විවිධ අපචාර සහ අපරාධ කි‍්‍රයාවන්ට යොමු වීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇතැයි පොලිසිය කළ කරුණු දැක්වීමකින් පසු යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.
Wednesday, July 1, 2015
යාපනයේ දරුවන්ට 'ඉන්ටර්නෙට්' තහනම්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment