චෝදනා ඇති හිටපු මන්ත්‍රීන් 8කට ශ්‍රීලනිපයේ නාමයෝජනා නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

චෝදනා ඇති හිටපු මන්ත්‍රීන් 8කට ශ්‍රීලනිපයේ නාමයෝජනා නෑ

විනය විරෝධී චෝදනාවලට ලක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 08දෙනකුට පමණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දුමින්ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ අතර වන බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්ට ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග පැවසී ය. කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බුලත් කොළය ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කරන බව එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් පසුගිය 02 වැනිදා පැවති නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායක රැස්‌විමේදී මෙම තීරණය ගෙන ඇත. මේ දිනවල සිදු කෙරෙන නාම යෝජනා ලබා දීම අවසන් වීමෙන් පසු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් සන්ධානයේ දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් ආරම්භ වීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad